අධිවේගයේ අතින් ලියා ටිකට් දෙන හමුදාව: මේ සල්ලි කොහාටද යන්නේ?

අධිවේගී මාර්ග අයකැමිවරුන් අද දිනයේ වැඩවර්ජනයක නිරත වෙනවා. ඒ කාලයක් තිස්සේ ඉල්ලීම් කළද නොලැබුණ සිය ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්. රජය අධිවේගී මාර්ගයේ රාජකාරි සඳහා හමුදාව කැඳවා තිබෙනවා.

හමුදා සෙබළුන් අධිවේගී මාර්ග පිවිසුම්වල කටයුතු සිදු කරමින් සිටින අතර ඔවුන් යන්ත්‍ර භාවිතයෙන් තොරව අතින් ලියන ලද කොළ තුණ්ඩු යොදාගෙන මුදල් අය කරන බවයි වාර්තා වන්නේ. අද දින මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ මාර්ග සංවර්ධන අධිකාරියේ එක්සත් පොදු සේවක සංගමය පැවසුවේ සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අතිසාර්ථක බවයි. හමුදාව යොදා මෙහෙයුම් කටයුතු කිරීම ද ඔහු විවේචනයට ලක් කළා. අධිවේගී මාර්ගයේ දිනක ආදායම මිලියන 30ක් බවත් අතින් ලියා අයකරගන්නා මුදල් යන්නේ කොහේදැයි ප්‍රශ්නයක් ඇති බවත් ඔහු තවදුරටත් පැවසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles