අත්අඩංගුවට ගත් සැකකරුගේ දුරකතනය විකිණූ කොස්තාපල් අල්ලයි

පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවකුට අයත් රුපියල් 60000ක් පමණ වන ජංගම දුරකතනයක් රුපියල් 5000කට විකුණා දැමූ පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා.

පසුගිය වසරේ ජුලි 30 වැනිදා අම්පාරේ පැවති සැණකෙළියක් අතරතුර සිදුවූ සිද්ධියක් නිසා අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ දුරකතනය පොලිස් භාරයට ගෙන තිබුණා.

මෙසේ පොලිස් භාරයේ තිබූ දුරකතනය පොලිස් කොස්තාපල්වරයා විකුණා දමා තිබෙනවා. මේ ගැන අදාළ සැකකරු කළ පැමිණිල්ලකට අනුව අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විමර්ශන පවත්වා කොස්තාපල්වරයා අත්අඩංගුව ගත් බවයි සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles