බදුල්ල-කොළඹ පාර තවදුරටත් අවහිරයි

බදුල්ල බලංගොඩ ප්‍රධාන මාර්ගයේ සීලගම කොටසේ ඊයේ රාත්‍රී කඩා වැටුණු පස් කන්ද නිසා සිදුවුණු අවහිර වීම තවදුරටත් පවතින බව වාර්තා වෙනවා.

එම පස් අතර තිබෙන විශාල ගලක් නිසාවෙන් මාර්ගය නිරාවරණය කිරීම තවදුරටත් අපහසුව තිබෙනවා. ඒ අතර කොළඹ බලා ගමන්ගන්නා ජනතාව සීලගම ප්‍රදේශයෙන් බැස අනෙක් පසට මාරුවී එහි නවතා ඇති බස් රථවලට ගොඩවී කොළඹ බලා ගමන් කිරීමට සහ බදුල්ල බලා ගමන් ගන්නා ජනතාවට ද අනෙක් පසට ගොස් තම ගමන බදුල්ල දෙසට යෑමට තවදුරටත් සිදුව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles