යුක්තිය අස්සේ අයුක්තියක්: පොලිස් සැරයන් මෙහෙයවූ කොල්ල කල්ලිය අල්ලයි

අනුරාධපුර පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටින පොලිස් සැරයන්වරයෙකු මෙහෙයවූ කොල්ල කල්ලියක් අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය පවසනවා. පොලිස් සැරයන්වරයෙක් සහ තවත් සිව් දෙනෙක් ඒ අතර වන බව සැළයි.

තරුණයන් දෙදෙනෙකු පසුගිය 27 රැයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මෝටර් රථ දෙකකින් පැමිණි සැරයන් සහ පිරිස මග හරස්කර තරුණයන්ට පහරදී රන් මාලය සහ මුදල් කොල්ල කා තිබෙනවා. එකී පැමිණිල්ලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය පරීක්ෂණ මෙහෙයවනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles