විකිරණවේදීන් සටන අත්හිටුවයි: අපේක්ෂාවේ අපේක්ෂා යළි දැල්වේ

අපේක්ෂා රෝහලේ මේ වනතෙක් සිදු කරගෙන ගිය අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ඊයේ (08) සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සභාපති චානක ධර්මවික්‍රම සඳහන් කරනවා.

ඒ කලින් නිකුත් කර තිබූ අමතර සේවා ගෙවීම් සීමා කිරීමට අදාල ලිපිය ඉවත්කොට පෙර ගෙවූ පරිදි ගෙවීම් කිරීමට ලිඛිත උපදෙස් දීමට සෞඛ්‍ය ලේකම්වරයා පොරොන්දු වීමත් සමඟ බවයි ඔහු පවසන්නේ.

මේ අතර දීමනා සම්බන්ධ ගැටලු විසදීමට විශේෂ කමිටුවක් පත්කොට මෙම ගැටලුවලට තිරසාර විසඳුම් ලබා දෙන බවද ප්‍රකාශ කළ බවයි චානක ධර්මවික්‍රම සඳහන් කළේ.

රෝගීන්ට මෙයින් යම් අපහසුතාවක් සිදුවී නම් ඒ පිළිබඳව දැඩිව කණගාටු වන අතර මෙම ගැටලුව මීට කලින් විසඳාගත්තේ නම් රෝගීන් අපහසුතාවට පත්වීම වළක්වා ගත හැකිව තිබුණ බවත් එසේ නොකිරීමෙන් මෙම අර්බුදය දුරදිග ගිය බවත් පිළිකා රෝගීන්ගේ විකිරණ ප්‍රතිකාර කටයුතු මේ මොහොතේ සිට ආරම්භ කිරීමට තම නිලධාරීන්ට උපදෙස් දී ඇති අතර ප්‍රතිකාර කටයුතු සදහා රෝගීන් කැඳවීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවත් ඔහු පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles