බයිඩන් – ට්‍රම්ප් විවාදය ඇරඹෙයි

ලබන නොවැම්බර් මස 5 වෙනිදා පැවැත්වෙන ඇමරිකානු ජනාධිපතිවරණය වෙනුවෙන් ජනාධිපති ජෝ බයිඩන් හා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවැත්වෙන පළමු රූපවාහිනී විවාදය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

විවාදය මිනිත්තු 90ක කාලයක් පැවැත්වෙන බවයි සඳහන් වන්නේ.

ඔවුන් දෙදෙනා අතර මෙවැනි හමුවක් සිදුවූයේ වසර හතරකට පසුවයි.

විවාදයේ බාධා කිරීම් අවම කිරීම සඳහා අනෙක් අපේක්ෂකයාගේ කතා කිරීමේ වාරයේදී මයික්‍රෆෝන නිහඬ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඩිමොක්‍රටික් පක්ෂය වෙනුවෙන් ජනාධිපතිවරණයට තරඟවදින ජෝ බයිඩන් මේ වන විට 81 වෙනි වියේ පසුවන අතර රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකයා වන හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 78 හැවිරිදි වියේ පසුවනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles