ජනපතිත් වත්කම් බැරකම් හෙළි කළ යුතු පනත සම්මතයි

දූෂණ විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද (19) ඡන්දයකින් තොරව සම්මත වුණා.

අල්ලස් හා දූෂණ වැළැක්වීම සඳහා ප්‍රතිපාදන ඇතුළත් මෙම පනත් කෙටුම්පත සඳහා සංශෝධන 196ක් මන්ත්‍රීවරුන් ඉදිරිපත් කර තිබෙනවා.

මෙම පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී දින දෙකක් පැවැත්වුණා.

දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ වගන්ති විසි අටක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා කතානායකවරයාට දැනුම් දීමත් සමඟ එම කරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන ලෙස සංශෝධනය කර තිබෙනවා.

නව දූෂණ විරෝධී පනත් කෙටුම්පත අනුව ජනාධිපතිවරයා, මහ කෙමසාරිස්වරුන්, තානාපතිවරුන්, ආණ්ඩුකාරවරුන්, පළාත් සභා අමාත්‍යවරුන් හා කොමිෂන් සභා සාමාජිකයින්ද වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතුයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles