බෑගයේ මළසිරුර මූල්‍ය වංචා සැකකරුවෙකුගේ

සීදූව කිරිඳිගොඩ ප්‍රදේශයේ දඬුගම් ඔය ඉවුරේ තිබී සොයාගත් නිල් පැහැති සූට් කේසයක දැමූ තරමක් නරක්ව ගිය පිරිමි පුද්ගලයකුගේ මළසිරුර රැකියා වෙනුවෙන් විදෙස්ගත කිරීමට යැයි පවසා ජනතාවගෙන් මුදල් වංචා කිරීම්වලට සැක කළ අයෙකුගේ අයත් බව පොලිසිය පවසනවා.

මරණකරු ලුම්බිනි මාවත, කුඩාවැව ලිපිනයේ පදිංචි සිටි ඇටම්පල ආරච්චිගේ සුසන්ත රන්ජන් රණසිංහ (අවු.35) නමැත්තකු බව පොලීස් ආරංචිමාර්ග පවසනවා.

විවිධ චෝදනා රැසක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව පොලිස් ස්ථානවලට පැමිණිලි ලැබී ඇති බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කරනවා.

මෑත කාලයේ ඔහු තම පදිංචි ප්‍රදේශයෙන් අතුරුදන්ව සිට ඇති බවද සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර පරීක්ෂණ කටයුතුවලදී හෙළිව තිබෙනවා. මළසිරුරේ හිස සහ තවත් තැන්වල පහර දීමකින් ලද බරපතළ තුවාල දක්නට ලැබුණ බවද වාර්තා වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles