අතුරුදන් මාධ්‍යවේදියාගේ සිරුර මෝදර වෙරළෙන් හමුවෙයි

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ, විදුල ළමා වැඩසටහන් ඒකකයේ නිෂ්පාදකයෙකු ලෙස සේවය කළ ඉඳුනිල් ජයවර්ධනගේ මළසිරුර ඊයේ (05) මෝදර වෙරළෙන් සොයාගෙන තිබෙනවා.

ඔහු දින දෙකක සිට අතුරුදහන්ව ඇති බව පිළියන්දල පොලිසියට පැමිණිල්ලක්ද ලැබී තිබූ බවයි පැවසෙන්නේ. සිරුර හමුවී ඇත්තේ මෝදර ලෙල්ලමෙන්.

ඉඳුනිල් ජයවර්ධන ශ්‍රී ලංකා රූපවාහිනී අභ්‍යාස ආයතනයේ බාහිර කථිකාචාර්යවරයෙක් වශයෙන්ද කටයුතු කර ඇති අතර මාධ්‍ය ආයතන කිහිපයකම සේවය කරනු ලැබුවා.

ඔහුගේ මරණය සම්බන්ධ පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles