පොලිස් වැටලීමක් අතුරතුර ඇළකට පැන පළායෑමට උත්සාහ කළ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට යෑමේ දී දියේ ගිලී අතුරුදන් වූ පොලිස් කොස්තාපල්වරයාගේ සිරුර හමුවී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.
ඔහුගේ මළසිරුර මීගමුව කලපුව ආසන්නයේ පමුණුගම, සේදවත්ත ප්රදේශයේ දී බවයි වාර්තා වූයේ.
පොලිස් නිලධාරීන් පිරිසක් විසින් ජාඇළ ප්රදේශයේදී සැකකරුවෙක්ව අත්අඩංගුවට ගැනීමට යෑමේදී ඔහු ඇළකට පැන පළායාමට තැත්කර තිබූ අතර ඔහුව අල්ලා ගැනීමට පොලිස් නිලධාරීන් 4 දෙනෙකුද එම ඇළට පැන තිබුණා. ඒ අතරන් මෙසේ අතුරුදන් වූ නිලධාරියා පිහිනීමට අසමත් බව එහි වීඩියෝවේ සඳහන් ව තිබුණා.
එම අවස්ථාවේ වීඩියෝව පහතින්,