හෝමාගම ප්‍රදේශයේ කුලී නිවසකදී උපාධිධාරී තරුණියක් ඇයගේ උපාධිධාරී පෙම්වතා විසින් ගෙල කපා ඝාතනය කර තිබෙනවා.
පසුව ඔහු ද වේදනානාශක පෙති වර්ගයක් පානයකර සියදිවි නසා ගැනීමට උත්සාහ කිරීමේ දී රෝහල්ගත කර ඇති බවත් ඒ ඊයේ (07) පස්වරුවේ කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට බවත් පොලීසිය පසනවා.
එහිදී ඔහුගේ කමිසයේ තිබූ ලේ පැල්ලමක් පිළිබඳ සැක සිතූ පොලීසිය ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්නකර තිබෙන අතර ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පවසා තිබුණේ ඔහු තම පෙම්වතියව ඝාතනය කළ බවයි.
ඒ අනුව, හෝමාගම උසාවිය පාරේ, පළමු පටුමගේ කුලී නිවසක තිබූ ගෙලෙහි කැපුම් තුවාල සහිත 31 හැවිරිදි තරුණියකගේ මෘත දේහය පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
ඝාතනයට ලක්වූ තරුණිය, සැකකරු සහ ඔහුගේ මව සමග ඊයේ සවස 6 ට පමණ අදාළ කුලී කාමරයට පැමිණ ඇති අතර ,මව පමණක් රාත්‍රී 7 ට පමණ යළි එම නිවසින් පිටව ගොස් තිබෙනවා.
ඉන්පසුව මෙම ඝාතනය සිදුවී ඇති අතර සුළු ආරවුලක් මත ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් ඝාතනය සිදුකර ඇති බවටයි පොලීසිය සැක කරන්නේ.
ඝාතනයට ලක්වී ඇත්තේ අවිස්සාවේල්ල, ගැටහැත්ත, අමුපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක වන කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලිපිකාරිනියක ලෙස සේවය කළ අචිනි තුෂාරා විජේතුංග නමැති 31 හැවිරිදි උපාධිධාරිනියක්.
ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 32 හැවිරිදි සැකකරුද කෘෂිකර්ම අමාත්‍යාංශයේම රැකියාවේ නිරත උපාධිධාරියෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර දකුණ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.