නීතිවිරෝධී මත්පැන් ජාවාරම්කරුවෙක්ගෙන් රුපියල් 5000ක අල්ලස් ගත් පොලිස් සැරයන්වරයෙක් සහ පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසනවා. මේ දෙදෙනා සේවය කර ඇත්තේ තෙල්දෙණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට අනුයුක්තවයි.
මෙම මත්පැන් ජාවාරම්කරු ත්‍රීරෝද රථයකින් මත්පැන් ප්‍රවාහනය කරමින් සිටියදී එයට අදාළ නීතිමය ක්‍රියාමාර්ග නොගැනීමටත් ඉදිරියේදී බාධාවකින් තොරව මත්පැන් ජාවාරම කරගෙන යාමට ඉඩසැලසිමටත් මොවුන් රුපියල් 10000ක් ඉල්ලා තිබෙනවා. එහි පළමු කොටස ලෙස රු.5000ක් ලබා ගැනීම සම්බන්ධයෙනුයි ඔවුන් අත්අඩංගුවට පත්ව ඇත්තේ.