බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසුරුවයි

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඉඩ සලසා දෙමින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අද (30) විසුරුවා හැරි බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වසර 14 ක් තිස්සේ බ්‍රිතාන්‍යයේ බලයේ සිටින්නේ කොන්සවර්ටිව් පක්ෂය වන අතර එහි අග්‍රාමාත්‍ය ධුරය දරන්නේ පක්ෂ නායක රිෂී සුනාක්.

ඒ අනුව බ්‍රිතාන්‍ය මහ මැතිවරණය ජූලි 4 වැනිදා පැවැත්වීමට නියමිතයි.

අග්‍රාමාත්‍ය සුනාක් මහ මැතිවරණයක් පැවැත්වීමට තීරණය කළේ, ඔහු සහ කොන්සවර්ටිව් පක්ෂය ජනතා අප්‍රසාදයට පත් වී ඇති අවස්ථාවක දී වීම නිසා විපක්ෂය වන කම්කරු පක්ෂයට මහ මැතිවරණය ජය ගැනීමට හැකිවනු ඇතැයි දේශපාලක විචාරකයන්ගේ මතයයි.

ආසන ගණන 650 කින් සමන්විත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍ය ධුරය හිමිවන්නේ, පාලක පක්ෂයේ නායකයාටය.

කෙසේ වෙතත් විපක්ෂය වන කම්කරු පක්ෂයට නායකත්වය දෙන්නේ හිටපු නීතීඥවරයකු ද වන කිර් ස්ටැමර්ය.

මෙවර මහ මැතිවරණය කම්කරු පක්ෂය ජයග්‍රහණය කළහොත්, ස්ටැමර් බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වන බවද විදෙස් වාර්තා සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles