මල් කැකුළක් මිලින කළ බස් මාරයා

නව කුරුඳුවත්ත ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයකට යටවීමෙන් පාසල් සිසුවියක් මිය ගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මල්ගොල්ල පටිතලාව ප්‍රදේශයේ පදිංචි 10 හැවිරිදි වියේ පසුවූ පාසල් සිසුවියක්.

අද උදෑසන නව කුරුඳුවත්ත පොලිස් වසමේ උඩහේන්තැන්න ප්‍රදේශයේදී බස් රථයෙන් බැස එම බස් රථය ඉදිරිපිටින් මාර්ගය හරහා මාරුවීමට ගිය අවස්ථාවේදී මෙම අනතුරු සිදුව තිබෙනවා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පාසල් සිසුවිය නව කුරුඳුවත්ත ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති අතර අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles