වකුගඩුවක් විකුණා පටන් ගත්ත බිස්නස් එක ලත් තැනම ලොප්

තම වකුගඩුවක් විකුණා ලබා ගත් මුදල් යොදවා අයිස් මත්ද්‍රව්‍ය මිලට ගෙන ඒවා විකිණීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කාත්තන්කුඩි ප්‍රදේශයේ පුද්ගලයෙකු වන අතර ඔහු තම වකුගඩුව රුපියල් ලක්‍ෂ හතක මුදලකට විකුණා ඇති බවයි සඳහන් වන්නේ.

කාත්තන්කුඩි ප්‍රදේශයේදී පොලිස් දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් මොහු අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍යද සොයාගත් ගෙන ඇති අතර ප්‍රශ්න කිරිම් හමුවේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරය ආරම්භ කිරීමට මුදල් නොමැතිකම නිසා තම වකුගඩුවක් අලෙවි කළ බව සැකකරු පවසා තිබෙනවා.

මෙම සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමෙන් පසු පෙබරවාරි මස 07 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles