නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ පවත්වාගෙන යනු ලබන වෛද්‍යවරුන්ගේ ආපනශාලාව මිනිස් පරිභෝජනයට නුසුදුසු ආකාරයෙන් පවත්වාගෙන යාම නිසා එම ආපනශාලාව තාවකාලිකව වසා දැමීමට නියෝග කළ බව නුවරඑළිය මහ නගර සභාවේ ප්‍රධාන නාගරික සෞඛ්‍ය පරීක්ෂක කිත්සිරි හේරත් පවසනවා.
නුවරඑළිය මහ නගර සභාවේ සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් (12) දිනය පුරා සිදු කළ හදිසි පරික්ෂාවකදි මේ පිළිබඳ අනාවරණය වී ඇති අතර මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කිරීම, අපිරිසිදු අන්දමින් ආහාර සකස් කිරීම, නිසි සෞඛ්‍ය උපදෙස් නොපිළිපැදීම, ආහාර අනුභවය සඳහා අවශ්‍ය මූලික පහසුකම් සපයා නොතිබීම යන කරුණු යටතේ තවත් ආපන ශාලා අටක හිමිකරුවන් සඳහා නඩු පැවරීමට නුවරඑළිය මහ නගර සභාවේ සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළ බවයි සඳහන් වන්නේ.
නුවරඑළිය දිස්ත්‍රික් මහා රෝහල තුළ රෝහල් සුභසාධක සංගමය මගින් පවත්වාගෙන යනු ලබන වෛද්‍යවරුන්ගේ ආපනශාලාව තාවකාලිකව වසා දැමිමට වැසුම් නියෝගයක් ලබා දුන් බවත්, එහි අඩුපාඩුකම් සපුරා නැවත නාගරික සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධික්ෂණයට ලක් කල යුතු බවද සෞඛ්‍ය පරීක්ෂක කිත්සිරි හේරත් වැඩි දුරටත් පවසා තිබෙනවා.