තෙන්නකෝන්ලාට පොහොට්ටුවෙන් කුඩම්මාගේ සැලකිලි! ප්‍රමිත අවි අමෝරයි!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, රත්තොට ආසන සමුළුවට හිටපු ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන්ට සහ ඔහුගේ පුත් ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ට ආරාධනා කර නොතිබීම හේතුවෙන් යම් මතභේදාත්මක තත්ත්වයක් මතුව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් නායකයා ලෙස කටයුතු කරන්නේ ජනක බණ්ඩාර තෙන්නකෝන් වන අතර ආසන සමුළුව සඳහා ආරාධනාවක් නොලැබීම මත පිය-පුතු දෙපළම එම සමුළුවට සහභාගි වී නැහැ.

එම පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මෙම ආසන සමුළුව රත්තොට බස් නැවතුම්පොළේදී පසුගිය 08 වෙනිදා පවත්වනු ලැබුවා.

සමුළුව සංවිධානය කර තිබුණේ ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය ඇමැති රෝහණ දිසානායක විසින්.

සමුළුව සඳහා මාතලේ ජනතාවගේ නායකයා වන ජනක බණ්ඩාර තෙන්නකෝන්ට ආරාධනා නොකිරීම ඔහුට කළ අගෞරවයක් මෙන්ම මදි පුංචිකමක් බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ප්‍රකාශ කරනවා.

පොහොට්ටුව තමන්ට සලකන්නේ මේ ආකාරයට නම් ඒවායේ ප්‍රතිඵලත් ඔවුන්ට ලැබෙනු ඇති බවත් තමන්ටත් තම පියාටත් කළ අගෞරවය ගැන දිස්ත්‍රික්කයේම ජනතාව කතා කරන බවත් ඔහු අවධාරණය කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles