රාජාංගණය යාය 18 ප්‍රදේශයේ පැවති සංගීත ප්‍රසංග භූමියේදී රාජාංගණය පොලිස් ස්ථානාධිපතිවරයාට ප්‍රසිද්ධියේ බැණ තර්ජනය කර රාජකාරියට බාධා කළ සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩුව නොච්චියාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ විභාගයට ගැනුණා.
කෝටිපති ව්‍යාපාරිකයෙක් බව කියන නන්දික විරංජිත් තාඹුගල නමැති සැකකරු අධිකරණයට භාර වී තිබුණේ නීතිඥවරියක මාර්ගයෙන්. කෙසේ වෙතත් මේ සැකකරු අධිකරණයට පැමිණ තිබුණේ, පොලිසිය පැමිණි පසුපසින්. ඔහු අත්අඩංගුවට නොගෙන නීතිඥවරියක මාර්ගයෙන් ඉදිරිපත් වීමට ඉඩ හැරීම සම්බන්ධයෙන් මහේස්ත්‍රතාත්වරයා පොලිසියට දැඩි ලෙස දෝෂාරෝපෂය කර තිබෙනවා. මහේස්ත්‍රාත්වරයා විමසා තිබුණේ මෙවැනි වරප්‍රසාද සාමාන්‍ය මිනිසුන්ට ලැබෙනවාද යනුවෙනුයි.
පොලිසියට මතු නොව කිසිම රාජ්‍ය නිලධාරියෙකුට ඉදිරියේ දී තර්ජනය කිරීමක් සිදු කළ බවට අධිකරණයට වාර්තා වුවහොත් වහාම බන්ධනාගාරගත කරන බවට ද ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළා. මෙම නඩුව නොවැම්බර් 23 වැනි දාට කල් තැබුණා.