එන්නත් මරණවලට හේතුව බාල බෙහෙත් ද?

නුවන් හෙට්ටිආරච්චි

එන්නත් වලිිින් සිදුවන මරණට වලට හේතුව ඉන්දීය ණය ආධාර යටතේ බාල සමාගම්වලින් ගෙන්වා ඇති බාල ඖෂධ බව සඳහන් කරනවා.

ඒ රජයේ වෛද්‍ය නිල‍ධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන විසින්.

එම නිසා මේ සම්බන්ධයෙන් වහාම කැබිනට් මණ්ඩලය කැදවා තීරණයක් ගත යුතු බවත් ඔහු පවසනවා.

මේ අතර සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසන්නේ, පානදුර රෝහලේ දී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සේවය කළ පුද්ගලයෙකු මරණයට පත්වීම සම්බන්ධයෙන් ද ගැටලු සහගත බවයි.

එසේම එම මරණය සිදු වී ඇත්තේ, හෘද දැඩිසත්කාර ඒකකයට එම පුද්ගලයා ඇතුළත් කිරීමට නොහැකි වීම තුළින් බවටත් සමස්ත ලංකා හෙද නිළධාරීන්ගේ සංගමයේ ලේකම් එස්.බී මැදිවත්ත සඳහන් කරනවා.

මේ සියල්ල සිදු වන අතර තුර පේරාදෙණිය ශික්ෂණ රෝහලේ තරුණියක් මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට සෞඛ්‍ය අමාත්‍යංශය පත් කළ පංච පුද්ගල විමර්ශන කමිටුව 15 (හෙට) එම රෝහල වෙත ගොස් විමර්ශන සිදු කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles