වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතය ගලවා ගත් උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයාගේ නිවසේ සහ අසල්වැසි නිවසක ආරක්ෂක කැමරා සවි කොට ඇතත් ඒවා කලක සිට අක්‍රීයව පැවතී ඇති බව අනුරාධපුර පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වූ මන්ත්‍රී ප්‍රවීණ නළු උද්දික ප්‍රේමරත්න පසුගියදා (17) රාත්‍රී සිය මෝටර් රථයෙන් අනුරාධපුර පිහිටි නිවසට පැමිණි අවස්ථාවේ නාඳුනන වෙඩික්කරුවකු විසින් සිදු කළ වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබුණා.
මන්ත්‍රීවරයා ගමන් ගත් මෝටර් රථය අසලට පැමිණ ඇති වෙඩික්කරු ඊට මීටර් කීපයක් ආසන්නයේ සිට රථයට වෙඩි ප්‍රහාර තුනක් පමණ එල්ල කොට ඇති බවත් ඉන් ජීව උණ්ඩ එකක් ඔහුගේ වාහනයේ නොවැදී බිම පතිත වී ඇති බවත් හෙළි වී තිබෙනවා.
මන්ත්‍රීවරයා සිය සමීප මිතුරන් කීප දෙනකු සමග අනුරාධපුර ප්‍රදේශයේ නිවසකදී ආසියානු ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති අවසන් මහා තරගය නරඹා පසුව ඔවුන් සමග සතුටු සාමිචියේ යෙදී සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගේ නිවසට මීටර් හැත්තෑ පහක් පමණ දුරින් වූ අනුරාධපුර ගුවන් තොටුපළ මාර්ගයේ නුවරවැව මාවත අංක 10 දරන ස්ථානයේ පිහිටි නිවසට පැමිණි අවස්ථාවේ රාත්‍රි 10.20 ත් 10.30 ත් අතර කාලයේදී වෙඩි ප්‍රහාරය එල්ල කොට ඇති බවයි වාර්තාවන්නේ.