මහ බැංකු සේවකයන්ගේ වැටුප් පිළිබඳ තීරණය ගැනිමේ බලය ස්වාධීන ආයතනයක් ලෙස බැංකු පනතින්ම මහ බැංකුවට තිබෙන බව රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කරනවා.
සේවකයන්ගේ වැටුප් සම්බන්ධයෙන් රජය තීරණ නොගන්නා බවත් එම පනත ප්‍රකාරව මහ බැංකු සේවකයන් සඳහා වැටුප් වැඩි කර ගැනීමක් සිදුකර ඇති බවත් ලෝකයේ සියලුම මැහ බැංකු සඳහා විශේෂිත පුද්ගලයන්ගෙන් විශේෂිත වූ ශ්‍රමයක් ලබාගන්නා නිසා ඔවුන්ට ඉහල වැටුප් ලබා දෙන බවත් මහනුවර ප්‍රදේශයේ දී පැවති උත්සව සභාවක් අමතමින් අමාත්‍යවරයා පවසා තිබෙනවා.