මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති සී.පී. අතුළුවගේ එම තනතුරෙන් ඉල්ලා අස් වී තිබෙනවා.
ජනාධිපති ලේකම්වරයා වෙත යොමු කර ඇති ලිපියේ සඳහන් වන්නේ ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් එල්ල වන බලපෑම් නිසා තමන් මෙසේ ඉල්ලා අස්වෙන බවයි.
කෙසේ වෙතත් අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන්නේ ඇමැති බන්දුල ගුණවර්ධන විසින් ලබා දෙන අත්තනෝමතික නියෝග ඉටු කිරීමට නොහැකි බැවින් මෙසේ ඉල්ලා අස්වෙන බවයි.
ලේකම්ගේ නියෝග නිසා අස්වෙන බව තාක්ෂණික වශයෙන් නිවැරදි වුවත් ලේකම්වරයා හරහා ඇමැතිවරයාගෙන් එන බලපෑම් මෙයට හේතු වී ඇති බවයි පැවසෙන්නේ.