ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති ඉවත් කර එම තනතුරට එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු වන රියාස් මියුලර් පත්කර තිබෙනවා.
KPMG හි මෙරට ප්‍රධානියා වන රියාස් මියුලර් ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කර ඇත්තේ ජනාධිපතිවරයා විසින්.
ශ්‍රී ලංකා ටෙලිකොම් පනතට අනුකුලව අධ්‍යක්ෂ මණ්ඩලය වෙත හදිසියේ ඉදිරිපත් කළ යෝජනාවක් ලෙස එම යෝජනාව සම්මත කරගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ රජය සතු කොටස් විකිණීමට ආණ්ඩුව ගත් තීරණයට හිටපු සභාපති රොහාන් ප්‍රනාන්දු දිගින් දිගටම විරෝධය පලකර තිබීම ඔහුව මෙසේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට බලපා ඇති බවයි දේශපාලන ආරංච් මාර්ග පවසන්නේ.