දරුවන්ට අමානුෂික ලෙස ගහලා, මදිවාට ෆේස්බුක් දාලා

තම දරුවන් දෙදෙනාට අමානුෂික ලෙස පහර දී එය වීඩියෝ ගත කර සමාජ මාධ්‍යට එක් කළ දරුවන්ගේ පියා අද (07) උදෑසන අත්අඩංගුවට ගත් බව දිඹුලපතන පොලිසිය පවසනවා.

දිඹුලපතන පොලිස් වසමේ වතු යායක පදිංචි ව සිටින 33 හැවිරිදි සැකකාර පියා ඉකුත් (05) දින රාත්‍රියේ නිවසේදී අවුරුදු 09 සහ 05 හැවිරිදි දරුවන් දෙදෙනාට පහර දී තිබෙනවා. සැකකරුගේ බිරිද ගෘහසේවය සදහා විදේශ ගත වී ඇති බවයි සඳහන් වන්නේ.

මෙලෙස දරුවන්ට පහර දී ඇත්තේ සැකකාර පියාගේ උපදෙස් දරුවන් නොපිළිගන්නා නිසා බවයි ප්‍රශ්න කිරීම් හමුවේ හෙළිවී ඇත්තේ.

මෙය ප්‍රචාරය වීමත් සමඟ දරු දෙදෙනා සමගින් මෙම සැකකරු ලිඳුල වතුයායට පළා ගොස් ඇති බවත්, දිඹුල පතන පොලිසිය ලිඳුල පොලිසියට ඔහුව අත්අඩංගුවට ගැනීමට දැනුම් දී ඇති බවත් දිඹුලපතන පොලිසිය අප වෙත පැවසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles