දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී සුඛෝපභෝගී බස්රථයක් ගිනි ගෙන දැවී විනාශ වී ගොස් තිබෙනවා. මෙය සිදුව ඇත්තේ එම මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම අසලදී බවයි වාර්තා වන්නේ.
ගිනිගත් බස් රථයේ සිටි සියලු මගීන් ඉවත් කර ඇති අතර තුවාළකරුවන් කිසිවෙක් වාර්තා වන්නේ නැහැ.
මෙම සිදුවීම හේතුවෙන් බෙලිඅත්ත පිවිසුමේ සිට කසාගල පිවිසුම දක්වා කොටස වසා දමා තිබෙන අතර කසාගල පිවිසුමෙන් පිටවෙන වාහන බෙලිඅත්ත පිවිසුමෙන් ඇතුළු කරන බවයි පොලිසිය පවසන්නේ.