කොළඹ – බදුල්ල විශේෂ දුම්රිය තෙවැනි දිනටත් නවතී

කොළඹ – බදුල්ල සහ බදුල්ල – කොළඹ ධාවනය කෙරෙන රාත්‍රී විශේෂ දුම්රිය තුන්වැනි දිනටත් අවලංගු කිරීමට පියවර ගත් බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසනවා.

පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයට ගස් සහ පස් කඳු, ගල් කඩා වැටීම හේතුවෙන් මේ තීරණය ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් කොලඹ-බදුල්ල සහ කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය දෙක ඇතුළු සෙසු සේවා අද (26) ක්‍රියාත්මක කෙරෙන බව වාර්තා වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles