කෝටි ගණන් මහජන මුදලින් නඩත්තු වෙන, මන්ත්‍රී නිවාසවල සැප පිටස්තරයින්ට

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ වල සිටින්නේ මන්ත්‍රීවරුන් නොව පිටස්තර අය බව අලුත්ම සොයා බැලීමකදී තොරතුරු අනාවරණය වී ඇති බව පාර්ලිමේන්තු නිලධාරියෙක් පැවසා තිබෙනවා.

විශේෂයෙන්ම මන්ත්‍රීවරුන්ගේ ඥාතීන් ආරක්ෂක නිලධාරීන්, හිතවතුන්, හිතවතියන් මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පනහකට ආසන්න පිරිසක් මෙම නිල නිවාසවල සිටින බවයි සඳහන් වන්නේ.

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස ලබා දෙනුයේ කොළඹින් පිට ඈත දුර බැහැර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් වන අතර රජය මෙම නිවාස නඩත්තු කිරීම සඳහා වාර්ෂිකව රුපියල් කෝටි ගණනක් වැය කරන බවත් සඳහන් වෙනවා.

එම නිවාස පිටස්තර අයට නොදෙන ලෙසට කොපමණ දැනුම්දීම් කළත් එලෙස නිවාස ලබාදීම දිගින් දිගටම සිදුවන බව පවසන එම ආරංචි මාර්ග මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත මත සිදුවන හෙයින් එවැනි පිටස්තර පිරිස් ඉවත් කිරීම ද ගැටලු සහගත වී ඇති බව වාර්තා වෙනවා.

මේ අතර එම මන්ත්‍රී නිල නිවාස සංකීර්ණය පවත්වාගෙන යෑමේ වියදම්ද දෙගුණයකින් පමණ වැඩි වී ඇතැයි බවත් මේ නිවාස තුළ යම් යම් සිද්ධීන් පසුගිය කාලයේ දී වාර්තා වී තිබූ අතර ඒවාට සම්බන්ධ වී තිබුණේ ද මන්ත්‍රීවරුන් නොවන පිටස්තර අය බව දැනගන්නට ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles