සමඟි ජන බලවේගයේ සහ ජාතික ජන බලවේගයේ නායකයින් අතර පැවැත්වෙන විවාදයට පමණක් තම පක්ෂය සුදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස පවසනවා.
ඉකුත් 27 වෙනිදා සමඟි ජන බලවේගයේ විවාද සම්බන්ධීකාරක පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර යොමු කල ලිපියට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියා.
අදාළ ලිපියේ නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා සඳහන් කර තිබුණේ ජාතික ජන බලවේගය ආර්ථික කමිටු විවිාදය සම්බන්ධයෙන් කිසිදු සඳහනක් නොකර සිටින්නේ නායකත්ව හා ආර්ථික කමිටු යන විවාද දෙකම නොපැවැත්වීමේ අරමුණෙන් බවය.
කෙසේ වෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් නායකත්ව විවාදය සඳහා පමණක් තම පක්ෂය සූදානම් බව නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරනවා.