මෙවරත් පැවැත් වූ සර්ව පාක්ෂික සමුළුවේ දී ජනාධිපතිවරයා විසින් ඇටවීමට ගිය උගුලේ ඔහුම පැටලුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා පවසනවා.
ඒ් බව ඔහු සඳහන් කළේ නිදහස ජනතා සභාව පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී.
සටකපට දේශපාලන උප්පරවැට්ටි උපයෝගී කර ගනිමින්, විපක්ෂය බෙදෙමින් දේශපාලන වාසි ලබා ගැනීමට මෙවර ද ජනාධිපතිවරයා ගත් උත්සාහය මුළුමනින්ම අසාර්ථක වූ බවයි ඔහු පවසන්නේ.
සර්ව පක්ෂික සමුළුව සඳහා නිදහස් ජනතා සභාවට ලැබුණ ආරාධනය සැක සහිත වුව ද ඊට සහභාගි වූයේ රටේ වගකිව යුතු විපක්ෂයක් ලෙස ඊට බලපෑමක් සිදු කිරීම සඳහා නමුත් සමුළුවේ දී සිදු වුයේ සම්පූර්ණයෙන් මාධ්‍ය සංදර්ශනයක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා සඳහන් කරනවා.
බලය විමධ්‍ය ගත කරන්නට පෙර පළාත් සභා ඡන්ද පවක්වන්න යැයි සියලුම පක්ෂ විසින් යොජනා කිරීම නිසා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සමුළුව හදිසියේ අවසන් කොට නැගිට යන්නට සිදු වූ බව ඔහු විසින් පෙන්වා දෙනවා.