දරු දෙදෙනෙක්ට අතවර කළැයි ඇල්ලූ පී.සී.ගේ වැඩ තහනම්

කුඩා දරු දෙදෙනකුට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වාද්දුව පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයාගේ රාජකාරී වැඩ තහනමට ලක් කළ බව පානදුර පොලිස් අධිකාරී කාර්යාලය පවසනවා.

පානදුර වැඩ බලන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි (සහකාර පොලිස් අධිකාරී) නිශාන්ත සේනාරත්නගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී සම්පත් බණ්ඩාර විසින් මෙම තහනම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

සැකකාර කොස්තාපල්වරයා ඉකුත් 11 වෙනි දින රාජකාරී විවේකය වාර්තාකර ඔහු පදිංචිව සිටින කොස්ගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසට ගිය අවස්ථාවේදී වයස අවුරුදු 7 ක පිරිමි දරුවෙකුට සහ වයස අවුරුදු 13 ක ගැහැණු දරුවෙකුට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් කොස්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බව සඳහන් වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles