ඊළඟ මැතිවරණයට වියදම පිටි සමාගම් දෙකකින්

තිරිගු පිටි කිලොවක් රුපියල් 160 ට මිළ කළ හැකි වුව ද බහු ජාතික සමාගම් දෙකකට එම ලාභය ලබා ගැනීමට ජනපති ඇතුලු ආණ්ඩුව ඉඩ ලබා දී සිටින බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

එසේ කරන්නේ ලාභ ලබා ගන්නා එම සමාගම්වලින් ඉදිරි ජනාධිපතිවරණයට සහ අනෙක් මැතිවරණ ව්‍යාපාර වලදී මුදල් ලබා ගැනීමට බව පවසන ඔහු එම බහු ජාතික සමාගම් මෙරට මැතිවරණ සඳහා මුදල් වියදම් කිරීම ජනප්‍රිය කරුණක් බවත් සඳහන් කරනවා.

එම නිසා ලෝක වෙළෙඳපොළේ තිරිඟු ඇට සහ තිරිඟු පිටි මිල ගණන් ශීඝ්‍රයෙන් පහළ යමින් තිබෙන තත්ත්වයක හා ඩොලරයේ අගය අඩුවී තිබියදී පවා මෙරටට පිටි ආනයනය කරනු ලබන සමාගම් අධික ලාභයක් ලබන බවයි ජවිපෙ අනුර කුමාර දිසානායක පවසන්නේ.

ඒසේ තිබිය දී තිරිඟු පිටි ආනයනයේදී අය කරන රුපියල් 35ක බද්ද ද ඉවත් කර ඇති අතර එමගින් ද ආණ්ඩුවට විශාල පාඩුවක් වන බවයි ඔහු පාර්ලිමෙන්තුවේ දී ආණ්ඩු පක්ෂයට චෝදනා කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles