ගොවි ලේ කඳුළින් සුර සැප වින්ද යුවළ රිමාන්ඩ්

වැඩි පොලියක් පෙන්වා රජරට ප්‍රදේශයේ ගොවීන්ගේ මුදල් ට්‍රෙඩ්වින් නම් නීති විරෝධී පිරමීඩ ආකාර මූල්‍ය ව්‍යාපාරයක් වෙනුවෙන් ලබා ගත් යුවළ ගැන තවදුරටත් තොරතුරු හෙළිදරව් වී තිබෙනවා.

මෙලෙස ඔහු ලබාගෙන ඇති මුදල් ප්‍රමාණය රුපියල් කෝටි පන්සියයකට අධික බවයි විමර්ශනවලින් හෙළිදරව් වී ඇත්තේ. වීරසේකර මුදියන්සේලාගේ තරිඳු ඉරෝස් වීරසේකර නමැති මේ සැකකරු මාතර වෙහෙරෙහේන විහාරයේ බස්නායක නිලමේවරයා ලෙසද කලක් කටයුතු කළ බවයි කියැවෙන්නේ.

ඔහු සමඟ චිත්‍රපට සහ රූපවාහිනී ටෙලි රංගන ශිල්පිනයක් බව කියන චමිලා ප්‍රියදර්ශනී රාජරත්න යන කාන්තාව ද සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ වංචා කරන ලද මුදල් ඇගේ නමින් ස්ථාවර තැන්පතුවක යොදවා තිබීම හේතුවෙන්.

මෙකී සිද්ධිය සම්බන්ධයෙන් ගොවීන් 180කට වැඩි පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්ත්මේන්තුවට පැමිණිලි කර ඇති බව පොලිස් ආරංචි මාර්ග ප්‍රකාශ කරනවා.

මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණේ, පිළිමතලාව ප්‍රදේශයේ අතිනවීන සුඛෝපභෝගී නිවසක විවේක සුවයෙන් සිටියදී බවයි තොරතුරු වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles