ඉරාන තානාපතිට පහරදී ඇදගෙන ගිය ව්‍යාපාරිකයාට දුන් අධිකරණ තීන්දුව

කොළඹ ප්‍රධාන සාප්පු සංකීර්ණයක රථ ගාලකදී ඇති වූ සිද්ධියක් මුල් කරගනිමින් ඉරාන තානාපතිවරයාගේ බෙල්ලෙන් අල්ලා පහරදුන් පුද්ගලයා ලබන 22 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබෙනවා.

සැකකරු අද (20) අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබා දී තිබෙනවා.

කොම්පඤ්ඤ වීථියේ පිහිටි සාප්පු සංකීර්ණයක රථ ගාලක් තුළදී අදාළ පුද්ගලයා විසින් තානාපතිවරයාට ඊයේ (19) මෙම පහරදීම සිදු කර ඇති බව පොලිසිය සඳහන් කරනවා.

පසුව සිද්ධියට අදාළව ඔහුව අත්අඩංගුවට ගත් බවත් අදාළ පුද්ගලයා කුරුඳුවත්ත ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු බවත් පොලිසිය පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles