දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීම සදහා සේවක අර්ථ සාධක අරමුදල සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදලේ අරමුදල් කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා, ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය තිබෙනවා.
මෙම පෙත්සම ගොනු කර තිබුණේ අන්තර් සමාගම් සේවක සංගමයේ ලේකම් වසන්ත සමරසිංහ ඇතුළු හය දෙනෙකු විසින්.
එස්.තුරයි රාජා, කුමුදුනි වික්‍රමසිංහ සහ මහින්ද සමයවර්ධනගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේ දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුවයි.
මෙම පෙත්සම සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් කණිෂ්කා ද සිල්වා අධිකරණයට කරුණු දක්වමින් අදාළ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා මූලික විරෝධතා මතු කර තිබෙනවා. එසේම මෙම පෙත්සමෙන් ඉල්ලා සිටින සහන ප්රදානය කිරීමට අධිකරණයට බලයක් නොමැති බවත් මෙම පෙත්සමෙන් ඉල්ලා තිබෙන ඉල්ලීම් තහවුරු කිරීමට අවශ්‍ය වන ලේඛන පෙත්සම්කාර පාර්ශවය විසින් අධිකරණය හමුවේ ගොනු කර නොමැති බවත් පවසා තිබෙනවා.
ඊට පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නයිජල් හැච් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම ගොනු කරන අවස්ථාව වන විට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතුවලට අදාළ යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී නොතිබූ බවත් එම අවස්ථාව වන විට පැවැති ලේඛන පදනම් කරගෙන මෙම පෙත්සම අධිකරණය හමුවේ ගොනු කිරීමට කටයුතු කළ බවත් සඳහන් කර තිබෙනවා.
ඉන් පසුව දෙපාර්ශවයේම කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.