මෙයට වසර දහයකට පෙර වයස අවුරුදු 15ක් වූ දරුවෙකු කෘෘරත්වයට පත් කිරීම සම්බන්ධයෙන් වන චෝදනාවලට විදුහල්පතිනියක් වරදකාරියක බව අධිකරණය තීන්දු කර තිබෙනවා. එවක කළුතර දොඩන්ගොඩ පාසලේ විදුහල්පතිනිය වූ සරෝජිනී නිර්මලා කොතලාවල යන අය විසින් රුපියල් මිලියනයක වන්දියක් අදාළ සිසුවාට ගෙවිය යුතු බව අදාළ තීන්දුවේ සඳහන්.
වෙසක් පහන් කූඩු තරඟයකදී සිසුවා ජයග්‍රහණය කර දිනාගත් මුදල් චෙක්පත සහ සහතිකය විදුහල්පතිනිය වන තමාට ලබා ගැනීමට ඉඩ නුදුන් බව පවසමින් සිසුවාට පාසලේදී ප්‍රසිද්ධියේ පහර දී තිබෙනවා. අනෙක් ගුරුවරුන්ද අදාළ සිසුවා ඉන්පසුව නොසලකා හැර තිබෙන බවයි නඩුවේදී ඔප්පු වී ඇත්තේ.
මෙම වරදට සිරදඬුවම්ද නියම කළ හැකි වුවත් ඇය විසින් අධ්‍යාපන ක්ෂේත්රයේ සිදු කර ඇති යහපත් දායකත්වය නිසා ලිහිල් දඬුවමක් නියම කරන බවයි විනිසුරුවරයා සඳහන් කර ඇත්තේ.