වත්මන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙත ලබා දී තිබෙන සිව්වැනි සේවා දිගුව ද මේ සතියෙන් අවසන් වීමට නියමිත බව වාර්තා වෙනවා.
නැවත සේවා දිගුවක් යෝජනා වී තිබුණද එය ප්‍රතික්ෂේප වී ඇති නිසාවෙන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තුළ අර්බුදයක්ද හටගෙන ඇති බවට වාර්තා පළ වුණා.
පොලිස්පති ධුරය සඳහා සුදුසුකම් ලැබූ කිහිපදෙනෙක් සිටිය ද පොලිස්පති ධුරය වෙනුවෙන් ජනාධිපතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයා අතර ඇතිව තිබෙන නොඑකඟතාවය නිසා එක් අයෙකු ස්ථිර ලෙස පත් කිරීම කල් යමින් තිබෙනවා. මහජන ආරක්ෂ අමාත්‍ය ටිරාන් අලස් යෝජනා කර ඇත්තේ පසුගිය කාලයේ විවිධ චෝදනාවලට ලක් වූ ජ්‍යෙ. නි. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්වයි. ජනාධිපතිවරයා එයට අකමැති වී ඇති බව සඳහන්.