ජපාන පැසිෆික් කලාපයේ අඩුම වැටුප් ශ්‍රී ලංකාව සතු බව සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.
ජපාන සමාගම් රැසක් ක්‍රියාත්මක වන මෙම කලාපය තුළ ජපාන විදේශ වෙළෙද සංවිධානය කරන ලද සමීක්ෂණයකිනුයි මේ බව අනාවරණය වී තිබෙන්නේ.
එම සමීක්ෂණයට අනුව නිෂ්පාදන කලමණාකරුවන්,නිෂ්පාදන නොවන කලමණාකරුවන්,නිෂ්පාදන ඉංජිනේරුවන්,නිෂ්පාදන නොවන කාර්ය මණ්ඩල සහ නිෂ්පාදන සේවකයන් සදහා ශ්‍රී ලංකාවේ මාසික මූලික වැටුප ආසියා පැසිෆික් කලාපය තුළ අඩුම අගයක් ගනු ලබන බවයි අදාල වාර්තාවේ දැක්වෙන්නේ.
මෙම සමීක්ෂණය 2023 අගෝස්තුවේ සිට සැප්තැම්බර් දක්වා සිදුකර ඇති අතර එතුළින් අනාවරණය වී ඇත්තේ බොහෝ සමාගම්වල මෙහෙයුම් තත්ත්වයන් දියුණුවීමට පටන්ගෙන ඇති බවයි.
මේ අතර ශ්‍රී ලංකාව තුළ කාර්ය මණ්ඩල බදවා ගැනීමේ පහසුව 26.7ක් ලෙස වාර්තා වී ඇති බවයි එම සමීක්ෂණය මගින් පෙන්වා දෙන්නේ.
මෙම අගයන් ආසියානු පැසිෆික් කලාපයේ අඩුම ප්‍රතිශතයක් ගන්නා අතර පවතින මූල්‍ය අර්බුදය අබිමුව බොහෝ පුහුණු නුපුහුණු ශ්‍රමිකයන් රට අතහැර යාමද හේතු නවී තිබෙනවා.