රේගු වැඩවර්ජනය අවසන්

ශ්‍රී ලංකා රේගු වෘත්තීය සමිති වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ඒ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

ප්‍රධාන ඉල්ලීම් දෙකක් මුල් කර ගනිමින් රේගු දෙපාර්තමේන්තු නිලධාරීන් අද (04) උදෑසන ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බව දැනුම් දුන්නා.

ඒ ශ්‍රී ලංකා රේගුවෙන් විශේෂඥ අදහස් නොවිමසා ,මුදල් අමාත්‍යාංශයේ අදූරදර්ශී නිලධාරීන් කීප දෙනෙකුගේ මූලිකත්වයෙන් රේගු ආඥා පනතේ වගන්ති කීපයක් සංශෝධන කිරීමට රජය පියවර ගැනීම හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව මගින් මෙතෙක් සිදු කර ගෙන යමින් සිටින ශ්‍රී ලංකාවේ බදු එකතු කිරීමේ ක්‍රියාවලිය ශ්‍රී ලංකා ආදායම් අධිකාරිය නැමැති පෞද්ගලික ආයතනයකට පැවරීමට විරුද්ධවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles