යාපනයේ පදිංචි කිල්මිෂා යාෂිසායි නම් 14 හැවිරිදි දියණිය ඉන්දීය සංගීත වේදිකාවේ ප්‍රබල ආකර්ෂණයක් දිනාගත් සිදුවීමක් lankaline වෙත වාර්තා වෙනවා. sa re ga ma pa l’il champs නම් ඉන්දියාවේ අතිශය ජනප්‍රිය සංගීත රියැලිටි වැඩසටහනේ තෙවැනි වටය දක්වා ඇය මේ වන විට පැමිණ තිබෙනවා. එහිදී ඇගේ ගැයුම්වලට ඉන්දීයාවේ ප්‍රබල සංගීතඥයන්ගෙන් මහත් ඇගැයීම් ලැබුණා.
ඉතා කුඩා වයසේ දීම සිය ගායන හැකියාව ප්‍රකට කළ කිල්මීෂා යාපනයේ පැවති සංගීත වැඩසටහන්වලට සහභාගි වී තිබෙනවා. ඇගේ දක්ෂතාව හඳුනාගත් පසු ඉන්දීය sa re ga ma pa l’il champs වෙත අයැදුම් කළ බවයි සඳහන් වන්නේ. එහිදී ඇගේ ගායනා කොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය සිනමා පසුබිම් ගායක ශ්‍රීනිවාස් දොරේසාමිගේ ඇගැයීමට ලක් වුණා.
ඔබ ඔබේ මව් රටට ආඩම්බරයක්
යනුවෙන් ඔහු පවසා තිබුණා. විනිශ්චය මණ්ඩලයේ ඉන්දීය සංගීත ලෝකයේ බොහෝ දෙනෙක් ඇයව ඇගැයීමට ලක් කර තිබීම විශේෂත්වයක්.
ඇගේ ගැයුම් සහ විනිශ්චය මණ්ඩලයේ ප්‍රතිචාර සහිත වීඩියෝවක් පහත පළ වෙනවා.