නව හැවිරිදි දැරියකගේ මළ සිරුර නිවසෙන් හමුවෙයි

හලාවත , බටහිර ඉරණවිල , සමිඳුගම ප්‍රදේශයේ නිවසක තිබී 09 හැවිරිදි දැරියකගේ මළ සිරුරක් ඊයේ පස්වරුවේ සොයාගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ නිවස තුළ කඹයක එල්ලෙමින් තිබියදී මළ සිරුර සොයාගත් බවයි.

එය සැක සහිත මරණයක් ලෙස සලකා හලාවත මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන ඒකකය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

දරුවාගේ මව වසර දෙකක පමණ කාලයක සිට විදේශ රැකියාවක නිරතව සිට ඇති බවත් සිද්ධිය වන අවස්ථාවේ දරුවාගේ පියා නිවසේ වත්තට වතුර දමමින් සිට ඇති බවත් මේ දක්වා කළ විමර්ශනවලදී අනාවරණ වී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles