දස අත මළ සිරුරු : භූමදාන කරන්න ලිබියාවට ආධාර අවශ්‍යයි!

ලිබියාවේ ඩැනියෙල් කුණාටුවෙන් මරණයට පත්ව ඇති සංඛයාව 10000 ඉක්මවා ඇති බව එරටින් වාර්තා වෙනවා.

රජයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක Tariq Al-Kharaz සඳහන් කරන්නේ නැගෙනහිර කලාපයට පහර දුන් ඩැනියෙල් කුණාටුවෙන් මියගිය සංඛ්‍යාව ඩර්නාහි පමණක් 5,200 දක්වා ළඟා වෙමින් පවතින බවයි.

එම සංඛ්‍යාවෙන් මළ සිරුරු 1,300ක් පවුල් විසින් හඳුනාගැනීමෙන් පසුව මිහිදන් කළ බවත් ඒ් අතර මුළු පවුලම මියගොස් සිටින බවත් ඔහු සඳහන් කරනවා.

Derna හි ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 10,000 කට වඩා වැඩි වනු ඇතැයි අපේක්ෂා කරන අතර, හඳුනාගෙන නොමැති සිරුරු සංඛ්‍යාව ඉතා විශාල විය හැකි බවයි වාර්තා වෙන්නේ.

පහසුකම් සහ ආධාර නොමැතිකම නිසා දැනට මළ සිරුරු භූමදාන කළ නොහැකි බවත් ගොඩ නොගත් මළසිරුරු රැසක් පවතින බවත් පැවසූ Al-Kharaz, ටර්කියේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඊජිප්තුවේ විශේෂිත ගලවා ගැනීමේ කණ්ඩායම් දිය පහරින් මුහුදට ගසාගෙන ගිය මළ සිරුරු ගොඩගැනීමට කටයුතු කරමින් සිටින බවයි.

ඩැනියෙල් කුණාටුව ඉරිදා නැගෙනහිර ලිබියාවේ ප්‍රදේශ කිහිපයක් හරහා හමා ගියේ විශේෂයෙන්ම Derna, Benghazi සහ Al-Bayda නගර, Sousse සහ Al-Marj වලට දැඩි හානි සිදු කරමින්.

සඳුදා, ලිබියානු අගමැති අබ්දුල් හමීඩ් ඩ්බෙයිබා ඩැනියෙල් කුණාටුවෙන් පීඩාවට පත් වූ සහ රටේ නැගෙනහිරින් ඇති වූ ගංවතුරෙන් පීඩාවට පත් වූ සියලුම නගර ආපදා ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

හදිසි කැබිනට් සැසිවාරයකදී දින 3 ක ශෝක කාලයක් අගමැතිවරයා ප්‍රකාශ කර ඇති අතර නැගෙනහිර කලාපයේ තත්ත්වයන් තක්සේරු කිරීමට ව්‍යතිරේකයකින් තොරව සියලුම නිලධාරීන් සහ අමාත්‍යවරුන් යොමු කර ඇති බවයි වාර්තා වෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles