මතභේදකාරී තත්වයකට මුහුණ දී ඇති පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් අවසන් තීරණය අද (14) දිනයේ දැනුම් දීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව අද උදෑසන විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.
කෙසේ වෙතත් ශිෂ්‍යත්ව විභාගය යළි නොපවත්වනු ඇති බවට ද වාර්තා වනවා.
එහි ප්‍රශ්න තුනක් පමණක් පිටවී ඇති බවට සිදු කළ විමර්ශනවලදි තොරතුරු අනාවරණය වීමත් සමග මෙම තීරණය ගෙන ඇති බව සඳහන් .
ඒ අනුව මෙම තත්ත්වය තුළ දැනට අත්හිටුවා ඇති පිළිතුරු පත්‍ර පරීක්ෂා කටයුතු කඩිනමින් ආරම්භ කිරීමටද නියමිතයි.