ශ්‍රී ලංකන් විකිණීමේ තීරණය කුණු කූඩයට

දැවැන්ත පාඩුවක් ලබමින් තිබෙන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ 51%ක කොටස් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට වත්මන් රජය තීරණය කර තිබෙනවා.

පසුගිය වසර 10 තුළ පමණක් ශ්‍රී ලංකන් ගුවන් සමාගම රුපියල් මිලියන 4582247ක සුවිශාල අලාභයක් දැරූ බවයි සඳහන් වන්නේ.

මේ ආකාරයට දිගින් දිගටම පාඩු ලැබීම නිසා මෙරට සෑම පවුලකටම ඒ වෙනුවෙන් රුපියල් එක්ලක්ෂ හත්දහසක් පමණ මුදලක් දැරීමට සිදුව ඇති බව පැවසෙනවා.

එවැනි පසුබිමකදී මෙරට සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය සඳහා ගුවන් සේවය රජය යටතේ පැවතිය යුතු බව තම රජයේ විශ්වාසය බවයි ජාතික ජනබලවේගයේ ආර්ථික කවුන්සිලයේ සභාපති මහාචාර්ය අනිල් ජයන්ත පවසන්නේ.

ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම එරජයේ යටතේ පවත්තවාගෙන යමින් එහි කළමනාකාරිත්වය වැඩිදියුණු කිරීමේ ආකාරයක් සොයා බලන බවයි පැවසෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles