ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් ස්ථාන පන්සියයකට ආසන්න සංඛ්‍යාවකට දෛනික කටයුතු සඳහා පොලිස් කොස්තාපල්වරියන් ප්‍රමාණවත් නොවීමෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇති බව වාර්තා වෙනවා.
පොලිස් මූලස්ථානය පවසන්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ සමස්ත නිලධාරි නිලධාරීන් අසූ එක් දහසකට ආසන්න සංඛ්‍යාවක් සිටියත් පොලිස් කොස්තාපල්වරියන් සිටින්නේ අටදහස් හාරසිය දෙනකු පමණක් බවයි.
උද්ගත වී ඇති තත්ත්වය හමුවේ පොලිස් කොස්තාපල්වරියන් පන්දහසක් බඳවා ගැනීම සඳහා පොලිස් මූලස්ථානය ඉල්ලීම් කර ඇතත් මෙතෙක් ඒ පිළිබඳව රජයෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී නැති බව පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු බවසා තිබෙනවා.
ප්‍රධාන නගර ආශ්‍රිත පොලිස් ස්ථානවල පොලිස් නිලධාරිනියන් බොහෝ දෙනකු සේවය කළත් දුෂ්කර පොලිස් ස්ථානවලට කාන්තා නිලධාරිනියන්ගේ විශාල අඩුපාඩුවක් පවතින බවත් කාන්තාවන් අත්අඩංගුවට ගැනීම සහ කාන්තා විමර්ශන කටයුතු වලදී පොලිස් නිලධාරිනියන් නොමැති නිසා ආරක්ෂක මාතාවන් සිවිල් සමාජයෙන් බඳවා ගත්තත් ඔවුනට ප්‍රමාණවත් වැටුප් නොලැබෙන නිසා ආරක්ෂක මාතාවන්ගේ පුරප්පාඩුවක් පවතිනබව පොලිස් ආරංචිමාර්ග සඳහන් කරන්නේ.