අහස පොළොව නුහුළන කතාවක් – රැඳවුම් මධ්‍යස්ථාන පාලිකාව දැරියන් සලෙළුන්ට විකුණලා

පරිවාස දෙපාර්තමේන්තුවට අයත් මහනුවර ළමා රැඳවුම් මධ්‍යස්ථානයක පාලිකාවක් එහි රඳවා සිටින දැරියන් ලිංගික කටයුතු සඳහා විවිධ පුද්ගලයන්ට අලෙවි කර මුදල් උපයා ඇති බවට තොරතුරු ලැබීමෙන් පසු පොලිස් විමර්ශන අරඹා තිබෙනවා.

මඩාටුගම පොලිස් වසමේ පදිංචි 17 හැවිරිදි දැරියක් 8 රාත්‍රියේ එම පොලිසියට කළ පැමිණිල්ලක් අනුව මූලික විමර්ශන අරඹා ඇතැයි සඳහන්.

වින්දිත දැරියන් 30ක් පමණ සිටින එම නිවාසයේ පාලිකාවන් කිහිප දෙනෙක් සිටින බවත් එක් අයෙකු විසින් මෙම දැරියන් ලිංගික කටයුතුවලට අලෙවි කර ඇති බවත් අනාවරණය වී ඇති අතර, එම රැඳවුම් මධ්‍යස්ථානයේදී ම පිරිමින්ට දැරියන් අපයෝජනයට අවශ්‍ය කාමර පහසුකම්ද ලබා දීමට තරම් නරුම වී ඇති බවයි කියැවෙන්නේ.

එක් දැරියක් අප්‍රේල් අවුරුදු සමයේ පිරිමින් 6 දෙනෙකුට අලෙවි කර මුදල් ලබා ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මක වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles