නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීම හෙටින් ඇරඹේ

ඉදිරි ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාරදීම අද (02) දිනයේ සිදුකිරීමට නියමිතයි.

ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදාහැරීමේ කටයුතු තැපැල් දෙපාර්තමේන්තුව විසින් ඉන් අනතුරුව සිදුකිරීමට නියමිත බවයි තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසුවේ තම දෙපාර්තමේන්තුව වෙත ලැබෙන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු හෙට (03) සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles