නිල ඡන්ද පත්‍රිකා බෙදීම 03 වෙනිදා සිට ඇරඹේ!

2024 ජනාධිපතිවරණය සඳහා අදාළ නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු සැප්තැම්බර් 3 වෙනිදා ආරම්භ කරන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසනවා.

එම කටයුතු සඳහා විශේෂිත දිනය ලෙස සැප්තැම්බර් මස 08 වනදා නම් කර ඇති බවයි ඔහු සඳහන් කළේ.

ඒ අනුව රජයේ නිවාඩු දිනයක් වන ඉරිදා දිනයේ පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා මෙම බෙදාහැරීම සිදුකිරිමට නියමිතයි.

එම ඡන්ද පත්‍රිකා භාර ගැනීම සඳහා එම දිනයේ දී නිවැසියන් ට නිවෙස්වල රැදී සිටින ලෙසට ඉල්ලා සිටින ලෙසද නියෝජ්‍ය තැපැල්පතිවරයා දැනුම් දෙනවා.

එමෙන්ම ඡන්ද පත්‍රිකා ගෙයින් ගෙට බෙදාහැරීම සැප්තැම්බර් මස 14 වෙනිදා අවසන් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනුම් දී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

කෙසේ නමුත් මැතිවරණ දිනය දක්වාම තමන්ට ලිපි ලැබෙන තැපැල් කාර්යාලයට ගොස් රජකාරි වෙලාවන්හි දී සිය අනන්‍යතාවය තහවුරු කර තමන්ට හිමි නිල ඡන්ද පත්‍රකාව සිය අත්සන යොදා ලබාගත හැකි බව සඳහන්.

මෙවර ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් ගණන 17,140,280 ක් වන අතර ඒ අතුරින් 1,148,258ක් නව ඡන්ද දායකයින් වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles