මීගමුව රෝහලේ වෛද්‍යවරයෙකුගේ ගෙලට බලු දම්වැලක් දමා පහරදී රෝහලේ දණගස්වා තිබෙනවා.
මෙසේ පහර දී ඇති පුද්ගලයා මිග් ගුවන් යානා ප්‍රහාරක ඒකකයේ හිටපු ගුවන් නියමුවෙක්.
ඔහු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ බිරිඳට අයුතු යෝජනා කරමින් අනියම් සම්බන්ධතාවක් ගොඩනගා ගැනීමට එම වෛද්‍යවරයා උත්සාහ කල නිසා මෙසේ පහර දුන් බවයි සැකකරු පොලිසියට පවසා ඇත්තේ.
එසේම වෛද්‍යවරයා ඔහුගේ බිරිඳට නිතර දුරකතන ඇමතුම් දෙන බවත් පෙම් බස් දොඩමින් රාත්‍රී කෑම සඳහා කැඳවාගෙන යන්නට උත්සාහ ගන්නා බවත් සඳහන් වෙනවා.
පහර කෑමට ලක්ව ඇත්තේ මීගමුව දිස්ත්‍රික් රෝහලේ මානසික වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරයා
අධිකරණයට ඉදිරිපත් කළ සැකකාර ගුවන් නියමුවා දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය කටයුතු කර තිබෙනවා.