ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සෞඛ්‍ය සේවිකාවට පහර දුන් බව කියන වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කරනවා. ඇය කරාපිටිය රෝහලේම ප්‍රතිකාර ලබන බවයි සඳහන් වන්නේ. කෙසේ වෙතත්, එම වෛද්‍යවරයාද හෘද රෝගයක් සම්බන්ධව ප්‍රතිකාර ගනිමින් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් ආරක්ෂාව යටතේ ඔහු ප්‍රතිකාර ලබනවා.
සැකකරු ඊයේ (18) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදුව ලබන ජනවාරි 29 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
පෙර පුවතට මෙතැනින් පිවිසෙන්න.