ලෙඩුන්ගේ දිවි බේරූ දොස්තරට දිවි එපා වෙයි!

හොරොව්පතාන පොලිස් බල ප්‍රදේශයට අයත් මොරකෑව ප්‍රදේශයේදී පෙරේදා (11) රාත්‍රියේ ද්‍යෛවරයෙකු ගෙල වැලලාගෙන දිවි නසාගෙන ඇති බව හොරොව්පතාන පොලිසිය පවසනවා.

වත්තේ මුදියන්සේලාගේ චාමර චතුරංග නමැති 38 වියැති වෛද්‍යවරයෙකු මෙලෙස මිය ගොස් තිබෙනවා.

කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ලෙස කටයුතු කළ මෙම වෛද්‍යවරයා බිරිඳගේ මහගෙදර පදිංචිව සිට තිබෙනවා. ඔහුගේ බිරිඳද හෙද නිලධාරිනියක් බව සඳහන්.

පවුල් ආරවුලක් මත ඔහු මෙසේ සියදිවි නසාගන්නට ඇතැයි පොලිසිය සැක පළ කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles